What is Adf.ly?

Shorten Url  and Earn Money




මොකද්ද මේ Shorten Url කියන්නේ...

ඇත්තටම Shorten Url කියන්නේ අපි යන එන විවිධ වෙබ් අඩවි වල ඉතා දිගු Link තියනවා... (http://eatuwa.blogspot.com/page/1234567890-1234567890/blogspot-atuwa-wa/pageadfly.php -මේ වාගේ) ඒ වගේමයි ඒ දිගු Link අපිට අපේ යාලුවන්ට ලබා දෙන්නත් විටෙක අවශ්‍ය වෙනවානේ... ඉතින් එහේම යාළුවෙකුට හෝ නැත්තන් විගේශ ලිපියකට වාගේ මෙවැනි දුගු Link එකක් එකතු කරන විට එය සමහර අවස්ථාවලදී අපිටම කරදරකාරී වෙනවා...  එවැනි දිගි Link කෙටි කරලා භාවිතා කරන්නට ඇත්නම් (http://adf.ly/36Wzv) එය ඉතාමත් හොද සේවාවක් නේද? යාළුවෙකුට වුනත් පහසුවෙන් කෙටිපනිවිඩයක් තුළ වුවද අපිට ඉතා දිග Link එකක් වුනත් යවන්න පුළුවන් මේ විදිහට කෙටි කරගත්තහම.. ඒක අපිට වගේම යාලුවටත් පහසුවක්...මෙවැනි සේවාවන් අපිට නොමිලේම ලබාදීම google , adfly , tinyurl, වගේ ආයතනවලින් ලබා දෙනවා... ඉතින් අපිට වියදමකින් තොරවම මෙම සේවාවන් අන්තර්ජාලය ඔස්සේ ලබාගන්න පුලුවන්..

Shorten Url වලින් එයාලට තියන වාසිය මොකද්ද?

ඇත්තටම අපි දැනගත යුතු දෙයක් තමා මේ දේත්.. මොකද කවුරුත් මේවගේ සේවාවක් අපිට ලබාදෙන්නේ අපිට තියන ආදරයට නොවේ.. හැබැයි එයින් අපිටද සැලකියයුතු වාසියක් ලැබෙන බව මතකේ තියාගතයුතුයි... මේ ආයතන මගින් මෙම සේවාවන් ලබා දෙන්නේ එයාලාගේ විවිධ අරමුණු ඉටුකරගැනීමේ ක්‍රමයක් විදිහටයි.


මොනවාද මේ අරමුණු?
ගූගල් ආයතනය යනු අන්තර්ජාල යේ වැඩිම සේවා ප්‍රමානයක් සලසාදෙන ආයතනයකි.. මොවුන්ගේ සෙවා ප්‍රමානය වැඩි නරගැනීම සහ වැඩි පිරිසක් ගූගල් සමග එකතු කරගැනීම මෙයාලාගේ අරමුණයි.. (බොහෝවිට ගූගල් සර්ච් එන්ජින් එකට අලුත් නැවුම් තොරතුරු එකතු කරගන්නත් මේ ක්‍රමය භාවාතා කරනවා විය හැකියි.. )
දැන්වීම් ප්‍රචාරණය - අනෙක් සියළුම මෙම සේවාවන් ලබා දෙන ආයතන එයාලා විසින් ලබාගන්නා දැන්වීම් ප්‍රචාරය කිරීමට මෙම ක්‍රමය භාවිතා කරනවා... අපි යම් Shorten Url එකක් එම ආයතනයෙන් ලබාගත්විට එම Shorten Url තුළින් යමෙක් අදාල පිවිසුමට පිවිසෙන අතරතුර ඔවුන් විසින් දැන්වීමක් පලකරනවා.. නමුත් අපට අවස්‍යනම් Shorten Url එක සැකසීමේදී දැන්වීම් දැක්වීම නොකළයුතුනම් එය එසේද සකසාගත හැකිය..

Shorten Url වලින් අපි මුදල් සොයන්නේ කොහොමද?

Shorten Url සේවාව අපිට ලබා දෙන විට ඔවුන් විසින් දැන්වීම් පළ කරනවා කියලා මම කිවුවානේ... එතින් ඒ දැන්වීමකට යම් කිසි මුදලක් ඔවුන්ට ලැබෙනවා... ඉතින් යම් අයෙක් ඔවුන්ගේ වෙබ් අඩවියේ ලියාපදිංචිවෙලා ,එයාගේ ගිනුමෙන් Shorten Url එකක් සකස් කරගන්නවා, අනතුරුව එයා ඒ Link එක යාළුවෙකුට ලබාදෙනවා, යාළුවා එයින් අදාල පිවිසුමට ප්‍රවිස්ටවීමේදී අදාල ආයතනය මගින් ලබාදෙන දැන්වීම තත්පර කිහිපයක් නැරඹීම සිදුකරනවා.. අන්න ඒ හේතුවෙන් ඔබගේ ගිනුමට සුළු මුදලක් එකතු වෙනවා.. ඇත්තටම මෙහිදී ලැබෙන්නේ $0.0005 වගේ මුදලක්... නමුත් අපි ලබාදෙන Shorten Url ප්‍රමාණය හා ඒවාගෙන් පිවිසෙන පිරිස වැඩි වෙන තරමට මෙහිදි ලැබෙන ආදායම වැඩි වෙනවා.. මීට අමතරම මේ සේවාවට මිතුරන් හදුන්වා දීමේන් මිතුරන් සොයන මුදලින් 20% කට සමාන මුදලක් ආයතනය විසින් අපිට ලබාදෙනවා... එය මිතුරන්ගෙන් අඩුවීමක් සිදුවෙන්නේ නැහැ... සත්‍ය වශයෙන්ම මෙමගින් සැලකියයුතු මුදලක් සොයාගත හැකියි. බක්ස් සයිට්වලදී මෙන් නිතර නිතර ඇඩ් බැලිමට අවශය නැ.. කළයුත්තේ මිතුරන්ට ලබාගත හැකි අයුරින් ඔබගේ Link පළකිරීමයි... (හැබැයි ඔන්න මූණුපොත වගේ තැන්වල පළකිරීමේදී ස්පෑම් වන ආකාරයට පළකිරීම සිදුකරන්න එපා... Link එකෙන් පිවිසෙන තැන ගැන පොඩි විස්තරයක් දාලා Link දාන්න එතකොට හරි..... :) )

Shorten Url සේවාවක ලියාපදිංචි වෙමු.

අපි පළමුවෙන්ම කලයුත්තේ මෙම සේවාව ලබාදෙන හොද වෙබ්අඩවියක ලියාපදිංචි වීමයි.. මෙහිදි මම adfly වෙබ් අඩවියේ ලියාපදිංචි වන ආකාරය කියාදෙන්නම්.
1.adfly වෙත අලුත් වින්ඩෝවකින් පිවිසෙන්න (මෙතන ක්ලික් කරන්න)




2.Join Now මත ක්ලික් කරන්න.



3.දැන් ඔබට මෙවැනි ෆෝම් එකක් ලැබේවි. මෙය සම්පූර්ණ කරන්න

( මවුසයේ මැද බටනය (රවුම) ක්ලික් කර පින්තූරය නව පිටුවක බලාගන්න. )

Join Now ක්ලික් කරන්න..

4. මෙවැනි පිටුවක් ලැබේනම් ඔබේ ගියාපදිංචි විම සාර්ථකයි...



5. ඔබේ ර්මේල් ගිනුමට ඇතුළු වන්න. ඔබට ඇඩ්ෆ්ලයි මගින් ලැබී ඇති පණිවුඩයේ ඇති කේතය කොපි කරගන්න...
ඊමේල් එකේ පහතින් සදහන් Link එකට යන්න.



අදාල කේතය පේස්ට් කරන්න SUBMIT ක්ලික් කරන්න. ලියාපදිංචි වීම සාර්ථකයි ..


Shorten Url සේවාව භාවිතා කරන ආකාරය.

Shorten Url සේවාව භාවිතයෙන් ඔබ මුදල් ඉපයීමට අදහස් කරන්නේ නම් පළමුව ඔබ ඔබ විසින් සකස් කරගත් Adf.ly account එකට log විය යුතුය. අනතුරුව පහත ආකාරයේ වින්ඩොවක් ලැබේවී.. මෙහිදී ඔබට අවශ්‍ය දිගු Link එක (1) ස්ථානයට ලබාදී More Option මත ක්ලික් කරන්න.



අනතුරැව ලැබෙන ඩ්‍රොප් ඩවුන් මෙනුතුලින්:
(A) Shorten Url තුළ දිස්විය යුතු ඩොමෙයිනය තෝරාදිය හැකිය.
(B) දැන්වීම් පළවිය යුතුද නැතිද වග, පළවිය යුතුනම් කෙසේද යන වග,(දැන්වීම් පල නොකරයිනම් මුදල් නොලැබේ).
(c) දිස්වීමට සුදුසු නමක් ලබාදෙන්න.



ලෙස අදාල සැතසුම් සකසා Srink මත ක්ලික් කරන්න. එවිට ඔබට කෙටි කරන ලද URL එකක් ලැබේවී. එය මිතුරන් හා සමග බෙදා ගනිමින් ඔබට මුදල් ඉපයිය හැකිය..



සැ.යු.
*ඔබ විසින් හුවමාරු කරගන්නා URL ප්‍රමාණය වැඩි වන තරමට ඔබට ලැබෙන මුදල වැඩිවේවි.
*ඔබගේ URL මගින් පිවිසෙන අය සිටින රටේ හැටියට ඔබට ලැබෙන මුදල වෙනස් විය හැකිය.. (UK USA වගේ රටවලින් ලබාගන්නා පිවිසුම් වලට ඔබට වැඩි මුදලක් ලැබේ...)
*අදාල Link ඔබ විසින් නිතර නිතර ක්ලික් කිරීම නොකල යුතුය... පරික්ෂා කිරීම සදහා එක්වරක් පමණක් ක්ලික් කළ හැකිය.. (අවංකව කටයුතු කිරම හැම විටම ඉතා වැදගත් බව සිහියේ තියාගන්න...)

Shorten Url සේවාවට මිතුරන් එකතු කරගන්නා හැටි.

පළමුව තේරුමු ගතයුතු දෙයක් ඇත. එනම් අන්තර්ජාලය ඔස්සේ යමෙක් මුදල් සෙවීමේදී සියළුදෙනා සහයෝගයෙන් ක්‍රයාකළයුතුය. විශෙෂයෙන් අපි මෙවැනි ක්‍රම මගින් මුදල් සෙවීමේදී අපට ලැබෙන්නේ ඉති සුළුමුදලකි. නමුත් ඔබට මෙම සේවාව තුලින් මුදල් ඉපයීමට ඔබේ යහළුවන්ද එකතු කරගන්නේ නම් ඔබට එයින්ද සැලකිය යුතු මුදලක් සොයාගත හකිය.. ඇත්තෙන්ම මෙම සේවයේ උපරිම ඵළ නෙළාගැනීමට මිතුරන් නම් අවශ්‍යමය.. එනිසා ඔබත් ඔබේ මිතුරන්ට මෙම සේවය හදුන්වාදී ඔබේ මුදල වැඩි කරගන්න උනන්ද වන්න..
ඒ සදහා:
*ඔබ ඔබේ account එක තුළ ඇති referel නැමති Link එකට ගොස් එහි ඇති ඔබේ referel Link එක මිතුරන්ට ලබාදෙන්න.

Shorten Url සේවාවක ලැබෙන මුදල ලබාගන්නා ආකාරය.

මෙම සේවාව මගින් අපට ගෙවීම් සිදු කරන්නේ නිශ්චිත කාල පරාසයකට වතාවක්ය. ඒ සදහා අපගේ ගිනුමේ අපි උපයාගත් මුදල $5.00ක් හෝ ඊට වැඩි විය යුතුය. මේ සදහා ඔබ Account තුලට පිවිසී පහත පරිදි අදාල සැකසුම් සකමා ගන්න.


Shorten Url සේවාව ලබාදෙන වෙනත් අඩවි.





එක් විශ්වාසනීය සේවාවක් භාවිතා කිරීමෙන් ඉක්මනින් මුදල් ඉපියීම හා විශ්වාසය තහවුරු කරගැනීම සිදු කරගත හැකිය...


ඔබටත් මෙය ප්‍රයෝජනවත් වූවානම් යහළුවන්ටත් කියන්න ශෙයා කරන්න..