Paypal Master Debit Card එක ලංකාවටත් ලැබෙයිද?




මේක නම් පිස්සු හැද්ලා ඉක්මනටම හොදවෙන නිව්ස් එකක්... නැ නෑ දැම්මනෙවේ තට ටිකකාලයකින් තමා පිස්සු හැදිලා ඉක්මනටම  හොදවෙන්නේ... මේකයි සීන් එක.. කියවාගෙන යන්නකෝ.... මේකථාව දන්න ඈයොත් ඇති නැති ඈයොත් ඇති... මමත් දැනගෙන සතියක් විතර. මටත් මගේ ගුරුතුමෙක් තමා නිව්ස් එක කිව්වේ..

ඔන්න Paypal මගිනුත් Paynier  වගේ Debid කාර්ඩ් එකක් දෙන්නයි හදන්නේ..  නොමිලේම වෙයිද කීයන්න අමාරුයි, බොහෝ විට ගෙවීමක් කරලා ලබාගන්න වෙයි කියලා හිතන්න අවස්ථාව තියනවා...Student ලට Free ගන්න පුළුවන් . වෙරිෆිකේෂන් ගැනනම් හරියටම කියන්න දන්නේ නැහැ... මේ කියන Debit Card එක ලංකාවේ අයටත් ලැබෙයි කියලා විශ්වාසයක් තියනවා..  ඒවගේම නිල නොලත් ආරංච් මාර්ග මගින් දැනගන්න ලැබුනේ ලංකාවට මනි රිසීවු පහසුකමත් මේසමග ලැබෙයි කියලයි..  ඒත් ඒ ගැන හරියටම දන්නේ නැහැ..  එහෙම දෙනවානම් හේතු කිහිපයක් තියනවා...

$ - එකක් තමා ලංකාවේත් සැලකිය යුතු වැඩි පිරිසක් පේය්පැල් නීතියානු කූල හෝ නීතියානුකූල නොවන අයුරින් භාවිතා කරනවා..  කොටින්ම ඊබොක්කට සෙට්වෙන හරි ඒවාගේ වෙන වෙන බොක්කවල් වලට සෙට්වෙන හැමොම ඉතින් ඉස් ඉස්සෙල්ලාම සෙට් වෙන්නේ පෙයිපැල් එකටනේ... අනික මොකා කොහොම ඔලුවෙන් හිටගෙන කිව්වත් පේයිපැල් තරම් අනිත් එකක් නැගලා ආවේ නැහැ ලොවෙත්...  දැන්නම් ඉතින් මනිබූකර් නැගගෙන නැගගෙන එනවා වගේ...ඒත් ඒකටගොඩාක් වෙබ් සයිට් වලින් තියන සර්පෝර්ට් එක අඩුයිනේ.. කෙසේ නමුත් පෙයිපැල් තාම ඉදිරියෙන්නේ..

$ - සමහර අය දන්නෙත් නැතුව ඇති.. අපේ ඊමනි ෆලෝව් කරන අය මේවෙනකොටත් පේයිපැල් එකෙන් ඉල්ලලායි තියෙන්නේ අපිටත් පේයිපැල් මනි රිසීව් පහසුකම දියෝ....  කියලා...  ඉතින් මේ කරුණු ගැනත් පෙයිපැල්ලා අනිවාර්යයෙන් සලකා බලාවි...  මෙහෙම කරලා තමා ඉන්දියාවත් ඒ පහසුකම අරන් තියෙන්නේ... (මට අහන්න ලැබුන විදිහට).

$ - අනිත් කාරනේ තමා. ලොකේ භාවිතා කරන මාස්ටර්, විසා කාඩ් අතුරින් එම රට තුල විතරක් භාවිතා කළ හැකි කාර්ඩ් තිබුනොත් (වීසා , මාස්ටර් මම දන්න විදිහටනම් ඕන රටකට ගිහින් බාවිතා කරන්න පුලුවන්) ඒහැර වෙන පිට රටක ඉදන් භාවිතා කරන්න පුළුවන් කියලා කියනවනම් මේලොකේ වැඩකරන ඕනෑම ATM  යන්ත්‍රයක් එකක් ගනු දෙනු කරන්න පුළුවන්..  ඉතින් පෙයිපැල්ලා ලංකාවට වලංගු නැති මාස්ටර් ඩෙබිඩ් කාර්ඩ් එකක් දෙයිකියලා හිතන්න අමාරුයි නේද?



ඔය කිව්වේ ඉතින් මගේ චුට්ටි මොලේ හැටියට තමයි ඔන්න, ඔයාලා දන්න කරුණුත් කමන්ට් විදිහට ඇඩ් කරන්න මම ආරාධනා කරනවා...

ඉතින් මේ දේවල් වලින් අපේ ඊමනි කරන අයට (මම ඇතුළු) ලොකු තල්ලුවක් වේවි ඒදේ..  මම උනත් එක එක විදිහට පේයපැල්ම අකවුන්ට් තුනක් හදලා තියනවා..  ඒවායින් වැඩගන්නේ දෙකකින් විතරයි...  ඉතින් මේ වාසිය ලැබුනොත්නම් අපේ ගොඩක් අය ගොඩේ ගොඩ තමයි...  හැබැයි ඉතින් තව දෙයක් කියන්න ඕනි.. අපේ සමහර උදවියත් හරි කස්ටියනේ... මොකක් හරි පොටක් පෑදුන ගමන් තියන නරි මොලේ දාලා කරන්න පුළුවන් හැම කපටි වැඩේමත් කරගෙන ගොඩයන්න තමා හදන්නේ...(හැමෝම නෙවේ සමහරක් අය )  ගූගල් ඇඩ්සෙන් වලදී ලංකාවේ ගොඩක් අකවුන්ට් වලට කෙළවෙන්නේ  ඔන්න ඔය හොර වැඩ නිසා තමයි..  වැඩිවෂයෙන් (නංගි පෙන්නලා අක්කට මනමාලයෝ හොයන්නනේ ට්‍රයි එක අපේ අයගේ...) . ඉතින් ඔය සෙල්ලම් , බැරි නෑ ඒත් එපා කියලා තමා කියන්න තියෙන්නේ..  රටට හොද නමක් හදාගත්තොත් හැමදාම හැමෝම ගොඩම තමයි..  නිකන් සිලෝන් ටී වගේ...(සිලෝන් ටී ක්ව්වහම පිළිගැනීම ඉහලයිනේ...  තාමත් එහෙමනේ... ඉන්ටර්නෙට් මනි වලත් වැඩ කරනකොට අවංක සෙට් එකක් ලංකාවේ ඉන්නේ කියලා කට්ටිය අතර පැතිරුණාම කාටද වාසිය ඉතින්..  )  එහෙම නේද වෙන්න ඔනි...

අදනම් එකතුකරේ පොඩි නෑ ලොකු නිව්ස් එකකට මගේ පුංච් අදහස් ජුන්ඩක්...  ඉතින් ඔයාලගේ අදහසුත් එකතු කරන්න  මම ආරාධනා කරනවා..  මේ ගැන තව විසිතර දන්න අය ඇති ඔයාලත් එයාලා දන්න දේවල් අපි අපි අතර මේ අවකාශයේම බෙදාලමු කියලා ආරාධනා කරනවා ...
එහෙනම් හැමොටම සූබ අනාගතයක්..!!!!!!!!!!!  කියලා ප්‍රාර්ථනා කරනවා...

ප.ලි
මේ තියෙන්නේ මගේ රිෆරල් එකක්..  ඔය විස්තරේ තිබුන තැන තිබ්බා රිෆරල් කියලා එකක්..  ඉතින් එතනින් ගොහින අරන් දැම්මා ඕන්...  කැමතිනම්, පේයි පැල් නැත්තන් ඔයාලටත් පුළුවන් රෙජිස්ටර් වෙන්න...

Sign up for PayPal and start accepting credit card payments instantly.

Comments

  1. Paypal thibboth ela.. hena kattak kala thamai Me magulen ewana cheque eka maru karanne hemadama :/

    ReplyDelete
  2. මම අහම්බෙන් මේ පැත්තට එවුනෙ. මගෙ පේපැල් එකේ සෑහෙන ගානක් තියනව. ගන්න විදියක් නැතුව ඉද්දි දෙයියො දුන්න වගේ ආරංචියක් මේක.

    ඇඩ්සෙන්ස් ගැනනං කියන්න තියෙන්නෙ . . . ඇඩ්සෙන්ස් බලාගෙනම සයිට් හැදුවාම කෙලවෙන එක නවත්තන්න අමාරුයි . . . මගෙ බ්ලොග් 2ක් තියනව. එකක් දවසකට අඩුම හිස් 100ක් වැටෙන එකක්. හැබැයි සදාචාරාත්මක හේතු උඩ මම ඒකට ඇඩ්සෙන්ස් දැම්මෙ නෑ. ඇඩ්සෙන්ස් දාල තියෙන්නෙ මුදල් ඉපයීමේ අරමුනක් නැතුවම පටංගත්ත මේ බ්ලොග් එකට. ඒකට දැම්මෙත් ඇඩ්සෙන්ස් කියන්නෙ මොකද්ද කියල ඉගෙනගන්න. හැබැයි ආදායම නරකම නෑ.

    ReplyDelete
  3. @fishedu: ඔයාගේ අකවුන්ට් එකෙන් සල්ලි ගන්න බැරිනම් ඒකේ සල්ලි වලින් මොනවා හරි ගෙන්නාගන්න... මේන්න මේ සයිට් එකෙන් එහෙම වෙරිෆයි නොකළ එකවුන්ට් එකකින් උනත් පේයි කරලා බඩු ගෙන්නා ගන්න පුළුවන්...

    ReplyDelete
  4. @MD-S:
    ස්තුතියි උපදෙසට. ඒත් මම මේවෙද්දි ටොම් ටොප් එකෙන් බඩු ගන්න පටං අරං අවුරුදු 2කට වැඩියි.

    ReplyDelete
  5. fishedu: එහෙනම් එළ...

    ReplyDelete

Post a Comment